අතිදක්ෂ තබ්ලා වාදක Zakir Hussain අභාවප්‍රාප්ත වෙයි

ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් (zakir hussain) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූ ඔහු, භාරතයේ නාමය ලෝකයට ගෙන ගිය දැවැන්තයෙක්.

සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ ඔහු, ග්‍රැමි සම්මාන හතරකින් ද පිදුම් ලැබුවා.

භාරතීය ශාස්ත්‍රීය සංගීතය පෝෂණය කිරීම වෙනුවෙන් ඇප කැප වූ වාද්‍ය විශාරද සකීර් හුසේන් මිය යන විට වයස, අවුරුදු 73 ක් වනවා .