ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනියෙන්

ලොව මිල අධිකම නත්තල් ගස ජර්මනියේ Pro Aurum විසින් සදා තිබෙනවා .

මෙම නත්තල් ගස අඩි 10ක් උස වන අතර එහි වටිනාකම පවුම් මිලියන 4ක් පමණ වනවා .

රත්රන් Vienna Philharmonic කාසි 2024 කින් මෙම නත්තල් ගස සාදා තිබෙනවා .

එසේම එම නත්තල් ගස මුදුනේ ඇත්තේ සාම්ප්‍රදායික තාරකාවක් හෝ දේව දූතයෙක් නොව කිලෝග්‍රෑම් 60 කට වඩා බරින් යුතු රත්රන් කාසියකි .

මෙම නත්තල් ගස ප්‍රදර්ශනය කිරීම සඳහා පමණක් නිර්මාණය කර ඇති අතර එය විකිණීමක් සිදු නොකරන බවයි එහි නිර්මාතෘන් සඳහන් කර සිටින්නේ .