ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය කියා සිටියේ වසර කිහිපයක තිස්සේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ෂම්මි සිල්වා මහතා එම භූමිකාවට පුළුල් විශේෂඥ දැනුමක් සහිත සුදුසු පුද්ගලයෙක් බවයි.
ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ ඉන්දියාවේ ජේ ෂා යි.
ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය සතියේ.
ඉන් අනතුරුවයි ආසියානු ක්‍රිකට් කවුන්සිල සභාපති ධුරය ශම්මි සිල්වා වෙත ලැබී ඇත්තේ.

