පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ආදායම් වියදම් වාර්තා ගැන දැනුම් දීමක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීම සදහා වු කාල සීමාව හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එ.එල් රත්නායක පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සදහන් කළේ මැතිවරණයට ඉදිරිපත්වු අපේක්ෂකයන් 8361 දෙනාගෙන් මේ වන විට අදාළ වාර්තා ලබාදී ඇත්තේ 1985 දෙනෙකු පමණක් බවයි.

එමෙන්ම, දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 690න් 106 පමණක් අදායම් සහ වියදම් වාර්තා ලබා දි තිබෙනවා.

ජාතික ලැයිස්තු සදහා ඇතුලත් වූ අපේක්ෂකයින් 527 දෙනා අතරින් 57 දෙනෙකු පමණක් එම වාර්තා ලබා දි ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.