ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසින් Proba 3 මෙහෙයුමේ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කර තිබෙනවා .
එය ආන්ද්‍රා ප්‍රදේශ් හි ශ්‍රීහරිකෝටා හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (SDSC-SHAR) දියත් කර ඇති බවයි ISRO සඳහන් කරන්නේ .
Proba-3 මෙහෙයුම යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත් (ESA) සමඟ සිදු කෙරෙන වාණිජ ව්‍යාපෘතියක් ලෙසයි දැක්වෙන්නේ.
PSLV-C59 යානය හරහා මෙම චන්ද්‍රිකා ඉතා ඉලිප්සාකාර කක්ෂයක් වෙත රැඟෙන යනු ලබනවා .
මෙහි Coronagraph Spacecraft (CSC) සහ Occulter Spacecraft (OSC) යනුවෙන් යානා දෙකක් පවතිනවා .
සූර්ය මායිමට සමීප වෙමින් සූර්යයාගේ දුර්වල කිරීටක අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වනවා .
Occulter අභ්‍යවකාශ යානය Coronagraph අභ්‍යවකාශ යානය හරහා සෙවනැල්ලක් දමන පරිදි චන්ද්‍රිකා නිශ්චිතව පෙළගස්වනු ඇති අතර එමඟින් දුර්වල සූර්ය කිරීටයේ දෘශ්‍යතාව සක්‍රීය කිරීමක් සිදු කරනු ලබනවා.
මෙහෙයුම දියත් කිරීම බදාදා සිදු කිරීමට නියමිතව තිබූ නමුත් Proba-3 අභ්‍යවකාශ යානයේ ඇති වූ විෂමතාවයක් හේතුවෙන් එය අදට කල් ගියා .

