පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
එසේම එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදු කළ යුතු වනවා.
කෙසේවෙතත් එම විශ්ලේෂණයෙන් අනතුරුව තවත් ගිනිඅවියක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න අවසන් තීරණය ගැනීම ආරක්ෂක අමාත්‍යංශය සතු බව ද ඔවුන් සඳහන් කළේය.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි පිළිබද සමීක්ෂණ මේ වන විට ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිදුකෙරේ.
සිවිල් පුද්ගලයින් සඳහා ගිනිඅවි 1,500කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර ඇතැම් පුද්ගලයින්ට එක් ගිනිඅවියකට වඩා වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බවට ද තොරුතුරු අනාවරණය වී තිබේ.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි යළි ලබා දෙන ලෙස මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

