පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වු මාර්ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කර තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් ඇති වු බලපෑම් හේතුවෙන් දිවයිනේ මාර්ග සහ පාලම් රැසක් හානි සිදුවී ඇති බවට තොරතුරු වාර්තාවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.
මේ හේතුවෙන් අදාළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කර ඒවා කඩිනමින් යළි පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එස්.එම්.පී . සූරියබණ්ඩාර මහතා සඳහන් කළා.
එමෙන්ම වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත්ව ගමනාගමනය නවතා තිබු මනම්පිටිය – අරලගංවිල මාර්ගය ද ඉතාමත් කෙටිකාලයක් තුළ යළි ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වු බව ද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

