එලොව පොල් පෙනෙන මෙලොව පොල් මිල

වෙළඳපොලේ මේ වන විට පොල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 150-220 අතර මිලකට අලෙවි වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

කුඩා පොල් ගෙඩියක් රුපියල් 120-150 අතර මිලකට අලෙවි වන බවයි වෙළෙදුන් පවසන්නේ.

පොල් හිඟයක්ද මේ දිනවල වෙළඳපොළේ පවතන අතර තොග වෙළෙන්දන් පවසන්නේ පොල් තොග මිල ගණන්ද ඉහළ අගයක පවතින බවයි.