බස් ගාස්තු සංශෝධනයක් නැහැ

ඊයේ (30) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

”මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව මෙවරත් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවුණා. මෙවර රුපියල් 03කින් අපි භාවිතාකරන ඔටෝ ඩීසල් මිල වැඩිවෙලා තියෙනවා. පහුගිය මාස‍යේ නම් මිල අඩු වුණා. මෙවර රුපියල් 03ක් වැඩි වුණා කියලා බස් ගාස්තුවේ වෙනසක් කරන්නේ නැහැ.. අපි රාමුවේ ඉන්නවා.”