අධික වර්ෂාපතනයත් සමග රාජාංගණය ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු සංඛ්‍යාව 02 දක්වා අඩු කර තිබෙනවා.
ජලාශයේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් මෙලෙස දෙකක් හැර අනෙකුත් වාන් දොරටු වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඊට අමතරව අංගමුව ජලාශයේ ද වාන් දොරටු සියල්ල වසා දමා ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවන් සඳහන් කරන්නේ.
ජල ගැලීම් හේතුවෙන් පොලොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකම කුඹුරු අක්කර දෙලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියා.

