Aishwarya Rai සහ Abhishek Bachchan ගේ විවාහය දෙදරා යන කතා පුවත ගැන මේ වන විට ලෝකයම කතා කරනවා.
තාමත් ඒ ගැන හරි හැටියට එයාල කවුරුත් ප්‍රකාශ නොකළත් ඒ අයගේ හැසිරීමෙන් නම් විවාහය දික්කසාදයක් තෙක් ගිහින් හමාරයි කියලා තමයි තේරෙන්නේ .
Aishwarya පසුගිය දා පැවැත්වුණු Global Women’s Forum Dubai 2024 හි පෙනී සිටි අතර එහි දී ඇයව හඳුන්වා දී ඇත්තේ ඇයගේ සැමියාගේ නම “Bachchan” කොටස නැතුවයි .
සාමාන්‍යයෙන් ඉන්දියාවේ විවාහක කාන්තාවක් ඇයගේ නමට අගින් සැමියාගේ නම භාවිතා කරනවා .
2007 වසරේ දී Aishwaryaත්, Abhishek Bachchan සමඟ විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ නමත් එකතු කරලා Aishwarya Rai Bachchan විදිහට තමයි තමන්ගේ නම භාවිතා කළේ
කොහොම වුණත් ඊයේ Aishwarya යළිත් Aishwarya Rai බවට පත් වෙලා .
ඉතින් මේක සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා .

