ආපදා තත්ත්වයෙන් පුද්ගලයන් හතරක් ජීවිතක්ෂයට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් උදය හේරත් මහතා පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපෑම් එල්ල කර තිබෙනවා.

ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743ක් පීඩාවට පත් වී ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පැවසීය.