රජයේ ප්‍රසම්පාදන වැඩපිළිවෙලට නව මාර්ගෝපදේශ මාලාවක්

රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ හා උපදේශන නොවන සේවා, ප්‍රසම්පාදනය කිරීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.

එම කොමිෂන් සභාවේ මහ ලේකම් ඩී.සී.සිරිබද්දනගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට බලාත්මක වන පරිදි එම මාර්ගෝපදේශ මාලාව හදුන්වා දී තිබෙනවා.

2006 වසරේ නිකුත් කළ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාව සහ ඊට අදාළව ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතනය සහ මහාභාණ්ඩාගාරය විසින් නිකුත්කර ඇති අතිරේක සියලු‍ චක්‍රලේඛ, නව මාර්ගෝපදේශ මාලාව බලපැවැත්වෙන දිනයේ සිට ප්‍රතිස්ථාපනය වනු ඇති.

එම ගැසට් නිවේදනය මෙතනින්