රුපියල් මිලියන 1,25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 27 වැනිදා සිදු කිරීමට නියමිත බව මහ බැංකුව නිවේදනය කරනවා.
දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා .
එමෙන්ම, දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කරනු ඇති.

