වසර 200කට පසු ප්ලූටෝ කුම්භ රාශියට – ඉස්සරහට මොනවා වෙයි ද ?

ග්‍රහයන් විවිධ රාශිවලට යෑම හරහා විවිධ සුබ සහ අසුබ ඵල දෙන බව ජෝතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වෙනවා .

ප්ලූටෝ ග්‍රහයෙක් විදිහට නොසැලකුවත් ප්ලූටෝ කුම්භ රාශියට යෑම ගැන ලෝකයම කතා වෙනවා .

ඉතා විශාල පරිභ්‍රමණ සහ භ්‍රමණ කාලයක් ඇති ප්ලූටෝ මෙලෙස කුම්භ රාශියට ඇතුළු වෙන්නේ වසර 200කට පසු බවයි කියවෙන්නේ.

බොහෝ දෙනා විසින් මෙය පරිවර්තනයක් ගෙන එන අවස්ථාවක් ලෙස සලකනු ලබන අතර ජෝතිෂ්‍ය විශේෂඥයින් පවසන්නේ එය ඉදිරි වසර 20 තුළ යහපත් දේවල් සිදු වන බවට වූ ලකුණක් බවයි.

නව දේවල් ඇති වීම සහ නව අවස්ථා සාදරයෙන් පිළිගෙන සතුටට හා සමෘද්ධියට ඇති වීමට මෙය හේතු වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ප්ලූටෝ 2043 මාර්තු 8 වනදා දක්වා කුම්භ රාශියේ රැඳී සිටිනවා .

මින් පෙර ප්ලූටෝ මෙහෙම කුම්භ රාශියට ඇතුළු වෙලා තියෙන්නේ 1778 වසරේ දී . 1798 වසර දක්වා එයා ඒ රාශියේ ඉදලා තියෙනවා .

මේ කාලයේ දී තමයි ප්‍රංශ සහ ඇමරිකානු විප්ලවය වගේම කාර්මික විප්ලවය පවා සිදු වුණේ.

සමාජ ධුරාවලිය, ආර්ථික විෂමතා වැනි සමාජයට හානි කරන දේවල්වලට එරෙහිව ජනතාවගේ නැගිටීමක් ඒ කාලයේ දී සිදු වුණා. ඔවුන් තවදුරටත් පීඩිතයන් විදිහට ඉන්නේ නැතිව අසාධාරණයට එරෙහිව ඒ කාලය තුල දී සටන් කළා .

ප්ලූටෝ අවසන් වරට කුම්භ රාශියේ සිටියදී එවැනි පෙරළියක් සිදු වූවා නම්, මේ කාලයේ දී කුමක් සිදු වෙයි ද ?

අපි බලා ගෙන ඉමු . කාලය ඒ ප්‍රශ්නයට උත්තර දෙයි .