දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 1 වන මට්ටමේ නායයෑම් අනතුරු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නායයෑමේ අවධානම් ප්‍රදේශ වෙත හෙට පස්වරු 04 දක්වා ක්‍රියාත්මක වන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.