2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාකයේ Victoria Kjær Theilvig තරුණිය සමත්ව තිබෙනවා .
ඒ විශ්ව රූ රැජින කිරුළ දිනා ගත් පළමු ඩෙන්මාක ජාතික තරුණිය බවට පත් වෙමිනුයි .
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙක්සිකෝ නගරයේ පැවති වාර්ෂික රූ රැජින තරඟයෙන් තරඟකරුවන් 120 කට වැඩි සංඛ්‍යාවක් පරාජයට පත් කරමින් ඇය මෙම ජයග්‍රහණය තමන් සතු කර ගත්තා .
21 හැවිරිදි ඇය තරඟකාරී නර්තන ශිල්පියෙකු, ව්‍යවසායකයෙකු සහ නීතිඥයෙකු වනවා .
නයිජීරියාවේ Chidimma Adetshina තරඟයේ දෙවෙනි ස්ථානයට පත් වූ අතර එහි තුන්වෙනි ස්ථානය හිමි කර ගත්තේ මෙක්සිකෝවේ Maria Fernanda Beltran ය .

