යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් වලට රුසියාවෙන් ප්‍රහාරයක්

යුක්රේනය බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාරයක් රුසියානු හමුදා විසින් එල්ල කර තිබෙනවා .

මිසයිල 120 ක් සහ ඩ්‍රෝන 90 ක් දියත් කරමින් මෙම මහා පරිමාන ප්‍රහාරය එල්ල කළ බවයි යුක්රේනයේ ජනපති සෙලෙන්ස්කි සඳහන් කරන්නේ .

යුක්රේනයේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම පවසන්නේ මෙම ප්‍රහාරයෙන් එහි තාප බලාගාරවලට “සැලකිය යුතු හානියක්” සිදු වූ බවයි.

රුසියානු ප්‍රහාරයට ලක්ව ඇති Kyiv, Donetsk සහ Dnipropetrovsk ප්‍රදේශවල හදිසි විදුලි බිඳවැටීම් ද වාර්තා වී තිබෙනවා .

මේ වසරේ එරට බලශක්ති පහසුකම්වලට එල්ල වූ අටවැනි මහා පරිමාණ ප්‍රහාරය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.