2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වී තිබෙනවා.
මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ආසන 123 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේ දී මේ වන විට පාර්ලිමේන්තු ආසන 123ක් ලබා සිටින්නේ ඡන්ද 6,842,223ක් ලබා ගනිමින්.
පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර ඔවුන් විසින් දිනා ඇති පාර්ලිමේන්තු ආසන ගණන 31ක් වනවා .
පාර්ලිමේන්තුවේ තුන්වැනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වන අතර ඔවුන් දිනා ඇති මන්ත්‍රී ආසන ගණන 06ක්.

