2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී අවසන් .
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186 ලබා ගෙන ඇති අතර එය ප්‍රතිශයක් වශයෙන් 61.56 %කි.
එයට ස්තුතිය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සමාජමාධ්‍ය වෙත “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!” යනුවෙන් සිය X ගිණුමේ සටහනක් එක් කර තිබෙනවා.

