මයෙ පුතේ නුඹ වඩින දා ලොවම සැනසේවි – පුංචි පුතා වෙනුවෙන් කසුන් ලියූ ඒ කවිය

කසුන් හීනටිගල සහ මාධවී ඇන්තනී ගේ පුංචි පුතාව පිලි ගන්න එයාලා නම් හොඳටම සූදානම් වගේ.

කවිකාර කසුන් එයාගේ සැනසීම අරන් වඩින පුතා වෙනුවෙන් දැන්ම ඉඳන්ම කවි ලියන්න පටන් අරන්.

මේ බලන්නකෝ එයා ලියලා තියෙන අපූරු කවිය .

සුරගනන් ආකාසෙ පුරා රැඟුමක් පාවි
පෙරඹරින් හිරු එබී හිනාවීගෙන ඒවි
දසදිගින් කිරි සයුර කැලතෙමින් සැරසේවි
මයෙ පුතේ නුඹ වඩින දා ලොවම සැනසේවි !

කසුන් මහේන්ද්‍ර හීනටිගල