ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට අද (13) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව මධ්‍යම , ඌව, සබරගමුව සහ ඌව පළාත්වලත් කලුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මෙලෙස ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි වනවා .

එසේම, එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.

අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.