ආරුගම්බේ ප්රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළ.
පසුගිය ඔක්තෝබර් 23 වනදා අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ එම ප්රදේශයේදී ඊශ්රායල ජාතිකයින්ට ප්රහාරයක් එල්ලවෙතැයි ලැබුණු බුද්ධි වාර්තා පදනම් කරගනිමිනි.
ඒ අනුව ආරුගම්බේ ප්රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය තානාපති කාර්යාල නිලධාරීන් ට සහ අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දෙනු ලැබුවා.
කෙසේ නමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවද අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

