කොළඹ කොටස් වෙළඳපොල ඉහළට

අද දිනයේ ගණුදෙනු අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොල සමස්ත මිල දර්ශකය පෙර දිනට සාපේක්ෂව ඒකක 113. 67කින් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ එය 12988.99 ලෙස සටහන් වුණා.

එස් ඇනඩ් පී දර්ශකයේ වර්ධනය ඒකක 32.73ක් වනවා .

දිනය තුල කොටස් මිලියන 132.3ක් හුවමාරුවී තිබූ අතර, පිරිවැටුම බිලියන 4.2 ක්.