මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 90,000ක්

2024 මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසනවා .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒ අතර වන බවයි.

මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා තිබෙනවා .

මෙවර මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙයි.