මව්කිරි ලීටර් 2,600ක් පරිත්‍යාග කරමින් ගිනස් වාර්තාවක් තැබූ මවක්

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කාන්තාවක් තනි පුද්ගලයෙකු විසින් කරන ලද විශාලතම මව්කිරි පරිත්‍යාගය යන ගිනස් වාර්තාව පිහිටුවා තිබෙනවා.

ඒ මව්කිරි ලීටර් 2,600 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කරමිනුයි .

Alyse Ogletree නම් වන මෙම මව විසින් උතුරු ටෙක්සාස් හි මව් කිරි බැංකුව වෙත සිය සියලු පරිත්‍යාග සිදු කර තිබෙනවා .

ඇයගේ ශරීරය විසින් අධික ලෙස මව්කිරි නිෂ්පාදනය කිරීම හේතුවෙනුයි ඇය මෙලෙස සිය වැඩිපුර කිරි පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත්තේ .

ඇය දරුවන් තිදෙනෙක් සිටින මවක් වනවා .

වෙනත් මව්වරුන්ට සහ ඔවුන්ගේ ළදරුවන්ට උපකාර කිරීමට හැකි වන පරිදි මව්කිරි පරිත්‍යාග කිරීම පිළිබඳව අනෙකුත් කාන්තාවන් දැනුවත් කිරීම තම අපේක්ෂාව බවයි ඇය අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ .