දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන

ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අනුව පළමු මට්ටමේ නායයාම් අවදානම් ලෙස, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල යන ප්‍රදේශත්, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රදේශත් නම්කර තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලට ද අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.