හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
එහිදී ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් නඩත්තු සඳහා වියදම වසරකට සමස්ත ලංකාවේම පොලිස් නිලධාරින්ට බෙහෙත් ගන්න තියෙන රෝහලටවත් වියදම් කරලා නොමැති බවයි.
මේ යන වියදම ඉතා ඉහළ බවත් ඒ සඳහා කමිටුවක් පත් කර හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයකට ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය අයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

