අනුරගෙන් ට්‍රම්ප්ට සුබ පැතුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක, ඇමරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපති ධුරය සඳහා පත්වීම් ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප් හට සුබ පැතුම් එක් කර තිබෙනවා .

ජනාධිපතිවරයා සිය නිළ X ගිණුම මගින් මෙම සුබ පණිවිඩය නිකුත් කර ඇත.

එහි සඳහන් කර ඇත්තේ,

“අමෙරිකා එක්සත් ජනපදයේ 47වන ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට උණුසුම් සුබ පැතුම් පිරිනමමි. ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වර්ධනය කිරීමට නව ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙමු,” යනුවෙනුයි.