රාජකාරිය අතරතුර පොලිස් නිලධාරීන්ට ෆෝන් භාවිතය තහනම් වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට සිය රාජකාරි වෙලාව තුළ දී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කිරීමට සිම්බාබ්වේ රජය පියවර ගෙන තිබෙනවා .

සියලුම පොලිස් නිලධාරීන් තම පෞද්ගලික ජංගම දුරකථන තම ස්ථාන වෙත පැමිණි පසු ඔවුන්ගේ අධීක්ෂකවරුන්ට භාර දිය යුතු වනවා .

ඔවුන්ගේ විවේක කාලය තුළ දී සහ දිවා ආහාර වෙලාවේ දී පමණක් ඒවා භාවිතා කළ යුතු වන බවයි එරට රජය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් මෙම තහනමට හේතුව එරට රජය විසින් සඳහන් කර නැහැ .