අනුර අද රටටම විහිලු සපයනවා – සජිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටටම විහිලු සපයන බවත් විහිලුවෙන් රටක් දුවන්න බැරි බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ල පැවැති ජනහමුවක් අමතමින්.

එහි දී අහහස් දක්වමින් හෙතෙම කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ රජය නැවත උගන්ඩාවේ සඟවා ඇති අපේ රටට අයත් මුදල් ගෙන්වා ගෙන විසදුම් ලැබෙයි කියා ජනතාව අපේක්ෂාවෙන් සිටින බවයි.

එම මුදල්වලින් හොරුන් පොලියකුත් උපයන නිසා මේ මුදල් නැවත රටට ගෙනවිත් රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලැබෙතැයි සිතුවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටටම විහිලු සපයන බවත් විහිලුවෙන් රටක් දුවන්න බැරි බව ඔහු කියා සිටියා.

එමෙන්ම මැතිවරණ වේදිකාවල පාස්පෝට් පෝලිම නතර කරනවා යැයි කිව්වත් අදටත් ලැබී නොමැති බවත් එම්එම්එස් වට්ස්අප් මාර්ගයෙන් විසදුම් ලැබුනට වැඩක් නොමැති බවත් මේ රජය බලයට පත්වූ දින සිට කළේ පාස්පෝට් පෝලිමට විසදුම් ලබා දීම නොව පෝලිම වැඩි වීමක් සිදුව ඇති බව ඔහු කියා සිටියා.

බදු අඩු කරනවා, මිල සූත්‍ර නැති කරනවා, උගන්ඩාවේ මුදල් ගෙන එනවා යැයි වේදිකාවල කෑ මොර දුන්නත් අවසානයේ අයි එම් එක ඉදිරියේ දණ නමා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තෙල් මිල සූත්‍රයේ වහලෙකු බවට පත්ව ඇති බවත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තෙල් මිල අඩු කරන්න හැකියාව තිබියදී එසේ නොකර සුපිරි පැළැන්තිය භාවිත කරන තෙල් මිල පමණක් අඩු කර ඇති බවත් තෙල් මිල තීරණය කරන්නේ වංචාව දූෂණය හොරකම යැයි කියූ ඔවුන්ම අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී පවසා සිටියා.