ප්‍රකෝටිපතියෙකු වන Elon Musk ටෙක්සාස් හි ඔස්ටින් හි ඩොලර් මිලියන 35 ක් වටිනා වර්ග අඩි 14,400 ක මන්දිරයක් සහ ඊට යාබද තවත් නිදන කාමර හයක ගොඩනැගිල්ලක් මිල දී ගෙන තිබෙනවා .
නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරන්නේ ඔහුගේ දරුවන් 11 දෙනා සහ ඔවුන්ගේ මව්වරුන් එකම වහලක් යටට ගෙන ඒම සඳහා මෙලෙස විශාල ගොඩනැගිල්ලක් ඔහු විසින් මිල දී ගෙන ඇති බවයි .
එම මන්දිරය Elon Musk ගේ ටෙක්සාස් හි පිහිටා ඇති නිවසේ සිට මිනිත්තු 10 ක් පමණ දුරින් පවතිනවා .
දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම උදෙසා ඔහු මෙම පියවර ගෙන ඇති බවයි නිව් යෝර්ක් ටයිම්ස් වැඩිදුර වාර්තා කරන්නේ .
2002 වසරේ සිට Elon Musk දරුවන් 12 දෙනෙක්ට පියා වී ඇති අතර ඔහුගේ හිටපු බිරිඳ ජස්ටින් මස්ක්ට දාව ඉපදුනු පළමු දරුවා සති 10ක වැනි අඩු වයසකින් මිය යනු ලැබුවා .
මෙම යුවළට දික්කසාද වීමට පෙර IVF භාවිතා කරමින් සාදා ගන්නා ලද දරුවන් පස් දෙනෙක් සිටිනවා .
පසුව මස්ක් බ්‍රිතාන්‍ය නිළි තලූලා රිලී සමඟ ප්‍රසිද්ධ සම්බන්ධතාවයක් ඇති කර ගත් අතර, ඔහු දෙවරක් විවාහ වී දික්කසාද විය. කෙසේවෙතත් ඔවුන්ට ළමයි නැත .
පසුව 2020 සහ 2022 අතර කාලයේ දී ඔහු ක්ලෙයාර් බවුචර් යන සංගීතඥයා සමඟ දරුවන් තිදෙනෙක්ට පියා වූවා.
එම දරුවන් තිදෙනා වන්නේ X, Y සහ Techno Mechanicus ය .

