අඳුර පරදා ආලෝකය ජය ගත් දීපවාලි දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන දීපවාලි දිනය අදට යෙදී තිබෙනවා .

අඳුර පරදා ආලෝකය ජයග්‍රහණය කිරීම නිමිති කොට ගෙනයි මෙම දීපවාලි උත්සවය සමරනු ලබන්නේ.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වනවා .

ධනය, සමෘද්ධිය සහ සුබවාදය සංකේතවත් කරන ලක්ෂ්මි දේවියට පූජා පැවැත්වීම අද දිනයේ විශේෂයෙන් සිදු කරනු ලබනවා .

එසේම පහන් , සහ ගිනිකෙළි දල්වමින් ඔවුන් ඒ ආලෝකයෙන් සියලු නරක ශක්තින් පලා යන බවට විශ්වාස කරනවා .

ලෝකවාසී සියලු දෙනාට සෞභාග්‍යමත් දීපවාලි මංගල්‍යයක් වේවා .