බ්‍රිතාන්‍යය බදු පවුම් බිලියන 40කින් ඉහළ දමයි

එක්සත් රාජධානියේ බලයට පත් නව ලේබර් ආන්ඩුව ඔවුන්ගේ ප්‍රථම අයවැය සැලැස්ම එළි දක්වා තිබෙනවා .

බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් විසින් ඉදිරිපත් කළ එම සැලැස්මේ විශේෂත්වය වන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමය.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ වසරකට බදු පවුම් බිලියන 40කින් වැඩි වනු ඇත.

ලේබර් පක්ෂය සිය ජයග්‍රහණයෙන් මාස කිහිපයකට පසුව මෙම අයවැය ඉදිරිපත් කළ අතර විචාරකයින් පවසන්නේ එම ප්‍රමාදය ආර්ථිකය සහ ව්‍යාපාර කෙරෙහි අවිනිශ්චිත වලාකුළක් ඇති කර ඇති බවයි.