මහනුවර නගරයට හෙට ජල කප්පාදුවක්

මහනුවර නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට (29)  දහවල් 12 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසනවා.

ඒ ගුඩ්ෂෙඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරතුර ප්‍රධාන ජල නලයක පිපිරීමක් සිදුව තිබීම හේතුවෙනුයි.

ඊට අදාළ නඩත්තු කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඇය සඳහන් කළා ය.

තැන්නේකඹුර, විලියම් ගොපල්ලව මාවත, සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, බහිරවකන්ද, ගුරුදෙණිය සහ අම්පිටිය ඇතුලු ප්‍රදේශ කිහිපයකට මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.