විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍යම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ඉල්ලීමක් කරනවා.
ඔහු පවසන්නේ නව පාස්පෝට් තොගයක් ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු පසු පවතින ගැටලුව විසඳෙන බවත් ය .
ඉකුත් දිනවලදී බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලය අසලට පාස්පෝට් ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණ තිබුණා.
ඒ හේතුවෙන් ඇතැම් දිනවලදී යම් උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

