FRIENDS කතා මාලාව හරහා ජනප්‍රිය වුණු Matthew Perry ගේ Pacific Palisades නිවස ඩොලර් මිලියන 8.55කට විකුණා දමා තිබෙනවා .
ඒ ඔහුගේ මරණයෙන් වසරක පමණ කාලයකට පසුවයි .
2020 දී ඔහු විසින් ඩොලර් මිලියන 6 කට මෙම නිවස මිලදී ගෙන තිබෙනවා.
1965 දී ඉදිකරන ලද වර්ග අඩි 3,500 ක විශාලත්වයෙන් යුතු මෙම නිවස ලොස් ඇන්ජලීස් නුවරය අසල්වැසි ප්‍රදේශයක අක්කර 0.4ක් පුරා පිහිටා ඇත.
නිදන කාමර හතරකින් යුත් මෙම දේපල Perry ගේ පුද්ගලික රුචි අරුචිකම් මත පදනම්ව සරසා තිබෙනවා
එම නිවසේ DC Comics වලට ඇති ඔහුගේ ආදරය පිළිබිඹු කරන Batman-තේමා සැරසිලි ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .
2023 ඔක්තෝබර් 28 වන දින Matthew Perry මෙම නිවසේ උණුසුම් තටාකයේ මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.

