ජාතික ජන බලවේගය තුළ මනාප පොරයක් නොමැති වුවත් මනාප ලබා දී ජනතාව කැමැති අපේක්ෂකයා තෝරාගත යුතු බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ, ගොතටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තුවෙන් ප්‍රයෝජනයක් නැති වු හෙයින් ජනතාව එදා පාර්ලිමේන්තුවේ 225 ම අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තුවට හෙණ ගහන්න ඕනෑ බවත් පැවසු බව අග්‍රාමාත්‍යවරිය මෙහි දී කියා සිටියා.
පාර්ලිමේන්තුවට කවුරුත් බලෙන් ගියේ නැති බවත් ඒ ගිය සියළු දෙනා ගියේ ජනතාවගේ ඡන්දයෙන් බව ද ඇය සිහිපත් කර සිටියා.
අපගේ දේශපාලනය තුළ කාන්තාවන් මුළික වී ඇති බවත් මේ රට සුද්ධ කරන්න හොඳටම පුළුවන් වන්නේ කාන්තාවට බවත් එය සුදානම් වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇය වැඩිදුරටත් කියා සිටියා.

