දුම්රිය සේවකයින්ට නිදහස් අවසර පත්‍රයක්

දුම්රිය සේවකයින්ට දිරි දීමක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය සේවකයින් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.