කුණාටුවක් හේතුවෙන් පිලිපීනයේ 26ක් ජීවිතක්ෂයට

නිවර්තන කුණාටුවක් හේතුවෙන් උතුරු පිලිපීනයේ ප්‍රදේශ රැසකට මාසයක පමණ කාලයක් තිස්සේ දැඩි වර්ශාපතනයක් ලැබෙමින් පවතිනවා .

මේ හේතුවෙන් පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 150,000ක් පමණ පිරිසක් අවතැන්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Trami ලෙස නම් කර ඇති මෙම කුණාටුව රටේ වඩාත්ම ජනාකීර්ණ දූපත වන ලුසොන්හි ඊසානදිග වෙරළ තීරයට ගොඩබැස තිබෙනවා .

එම දූපතේදරුණු ලෙස නාය යාම් සහ ගංවතුර ඇති වී ඇති බවයි වාර්තා වෙන්නේ .

මෙම තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට එරට රජය කටයුතු කර තිබෙනවා.