සුඩානයේ ගංවතුර නිසා මිලියනයක් පීඩාවට

දකුණු සුඩානයේ බොහෝ ප්‍රදේශ වලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එරට මිලියනක් පමණ ජනතාව පීඩාවට පත් ව තිබෙනවා .

නිවාස බොහෝ සෙයින් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් ඔවුන් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවතැන් වූ පිරිස් මේ වන විට උස් බිම් වල ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන ගොස් ඇති නමුත් පවතින වර්ශාව හේතුවෙන් ඔවුන්ට සහන සැලසීමට ද බොහෝ බාධා එල්ල වී තිබෙනවා .

ගංවතුර තවදුරටත් ඉහළ යමින් පැතිරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

මිලියන 11කට වඩා වැඩි ජනගහනයක් වෙසෙන රටක් වන දකුණු සුඩානය මෑත දශක කිහිපය තුළ අත්විඳින ලද දරුණුතම ගංවතුර මෙය වනවා .