ගංවතුරට යට වූ ප්‍රදේශ වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනවල ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසංවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පවසන්නේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශ පිළිබඳව මෙම වැඩසටහන්වල අවධානය යොමු කරන බවයි.

මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 41,128ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 17,472ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

මේ අතර ඩෙංගු මරණ 20ක් ද වාර්තා වී තිබේ.