Elon Musk ගේ Starlink අන්තර්ජාල සේවාව ලංකාවටත් ලබා ගැනීම සඳහා වූ මිල ගණන් මේ වන විට එහි වෙබ් අඩවියට ඇතුළු කර තිබෙනවා .
ඒ අනුව එහි දැක්වෙන්නේ නව අන්තර්ජාල සබදතාව ලබා ගැනීමට hardware (දෘඪාංග) සඳහා රුපියල් 105,000ක මුදලක් ද , මාසිකව රුපියල් 15,000ක මුදලක් ද ලෙසටයි .
මාසිකව unlimited data මෙහි දී ලබා දෙනු ලබනවා .
තවමත් නිල වශයෙන් Starlink මෙරට දියත් කරන දිනයක් ප්රකාශයට පත් කර නැතත් මිල ගණන් ප්රකාශයට පත් කිරීම හරහා එය නුදුරේ දී ම විය හැකි බව අපේක්ෂා කළ හැකි වනවා .
1991 අංක 25 දරන ශ්රී ලංකා විදුලි සංදේශ පනතේ සංශෝධිත 17B වගන්තිය යටතේ, Starlink විසින් පසුගිය අගෝස්තු මාසයේ දී විදුලි සංදේශ සේවා සපයන්නාගේ බලපත්රයක් සඳහා අයදුම් කර තිබෙනවා



