උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළිත් ඇරඹෙයි

ලබන සදුදා සිට උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සදහන් කළේ, යාල්දේවී දුම්රිය එදිනට ධාවනයට සූදානම් කර ඇති බවයි.

ඉන්දියානු ණය ආධාර යටතේ පැයට කිලෝමීටර් 120 ක වේගයකින් ධාවනය කළ හැකි ලෙස උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතිනවා.

උතුරු දුම්රිය මාර්ගයේ මෙම අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට දුම්රිය ධාවනය වන්නේ මහව දක්වා පමණයි.