බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන්ට තවත් මරණ තර්ජනයක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සල්මන් ඛාන්ගේ නිවාස සංකීර්ණය ඇති ප්‍රදේශය භාර රථ වාහන පොලිසියේ වට්ස්ඇප් අංකයකට එම මරණ තර්ජනය සහිත පණිවුඩය එවා ඇත්තේ ලෝරන්ස් බිෂ්නෝයි නම්න් හැඳින්වෙන මැර කල්ලිය විසින්.
ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත්තේ.
එම කල්ලිය පවසන්නේ සල්මන් ඛාන් සමඟ ඇති ගැටුම අවසන් කිරීමට නම් අදාළ කප්පම් මුදල ලබාදිය යුතු බවයි.
ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් සල්මන් ඛාන්ගේ සමීපතම මිතුරෙකු හා එන් සී පී දේශපාලඥයෙකු වු බාබා සිද්ධික් ද පසුගිය සතියේ දී වෙඩි තබා ඝාතනය කර
තිබුණා.
අදාළ මුදල ලබාදීමට සල්මන් ඛාන් අපොහොසත් වුවහොත් බාබා සිද්ධික්ට අත්වු ඉරණමටත් වඩා භයානක ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇති බවයි අදාළ පණිවුඩය හරහා අනතුරු අගවා තිබෙනවා.
පසුගිය කාලයේ දී සල්මන් ඛාන්ට එල්ල වු මරණ තර්ජන හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව දැඩි කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.
මේ වන විට ඔහුගේ පෞද්ගලික නිවස අසල ආරක්ෂාව දැඩි කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

