මහ මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ ලැබී ඇති පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීම් බවයි.
ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 181ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 76ක් සම්බන්ධව කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .

