නෙස්කැෆේ වලින් රසම රස බ්‍රව්නීස් හදමු

නෙස්කැෆේ කියන්නේ කෝපි lovers ලට නම් අමුතු දෙයක් නෙමෙයි නේ . අද අපි කියලා දෙන්න හිතුවෙන් මේ නෙස්කැෆේ යොදා ගනිමින් කොහොමද රසම රස බ්‍රව්නීස් හදා ගන්නේ කියලා .

මේකේ විශේෂත්වයක් තියෙනවා . ඒ තමයි ඔයා නිර්මාංශ කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා බිත්තර කන්න අකමැති කෙනෙක් නම් , ඔයාටත් මේ රෙසිපි එක try කරලා බලන්න පුළුවන් . මොකද මේක අපි හදන්නේ බිත්තර කිසිම දෙයක් නැතුව … අද කාලෙටත් හොඳටම හරියන ලාභදායි රස කෑමක් මේක .

එහෙනම් අපි බලමු කොහොමද අපේ මේ රසම රස බ්‍රව්නීස් එක හදා ගන්නේ කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන්පිටි කෝප්ප 1
  • කොකෝවා පවුඩර් කෝප්ප 1/2
  • බේකින් සෝඩා තේ හැඳි 1
  • රතු සීනි කෝප්ප 1
  • කිරි කෝප්ප 1
  • එළවළු තෙල් මේස හැඳි 3
  • නෙස්කැෆෙ තේ හැඳි 1
  • රස අනුව ලුණු
  • දෙහි යුෂ තේ හැඳි 1

සාදාගන්නා ආකාරය

නෙස්කැෆෙවලට උණු වතුර මේස හැඳි 1 ක් දාල දිය කරගන්න. අවන් එක සෙල්සියස් අංශක 180 ට ප්‍රීහීට් කරගන්න. බේකින් ට්්‍ර එකට බටර් ගාලා රෙඩි කරගන්න. භාජනයකට බටර් ස්වල්පයක් දාලා රත් කරගන්න.

බටර් දියවූ පසු තෙල් ස්වල්පයක් එකතු කර කිරි, සාදාගත් නෙස්කැෆේ, දෙහි යුෂ, සීනි හා ලුණු දමා හොඳට විස්ක් කරගෙන ළිපෙන් බාගන්න. පාන්පිටි වලට බේකින් පවුඩර් සහ කොකෝවා පවුඩර් දාලා තුන් පාරක් හලාගන්න.

දැන් මේක බැටර් එකට දාලා කලවම් කරගන්න. බේකින් tray එකට මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 30 ක් පමණ බේක් කරගන්න.

ඔන්න ඔයාගේ රසම රස බ්‍රව්නීස් ලෑස්තියි…