මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැතියා .
නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්රමාණවත් නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් පවසනවා.

