නිල නිවාසවල ජල බිල්පත් නොගෙවූ මැති ඇමතිවරු 41ක්

හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඉන් අය වීමට නියමිත මුදල රුපියල් මිලියන 9ක් බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ .

ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.

එම මණ්ඩලය කියා සිටියේ කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්‍ය චක්‍රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි.