ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,494 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,159 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,150 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.